Wednesday, May 18, 2016

පරිත්‍රායී පුරා විද්‍යාව

ගලවා ගැනීමේ පුරා විද්‍යාව (සමහරක් විට වැලැක්වීමේ හෝ ගොඩගැනීමේ පුරා විද්‍යාව‍ හෝ සංස්කෘතික ප්‍රබව කළමණාකරණය ලෙස හඳුන්වන) යනු අවධානයට බඳුන් වී ඇති ප්‍රදේශයක් ජලයෙන් යට කිරීම සඳහා වේල්ලක් තැනීම වැනි තැනීමක් හෝ අනෙකුත් දියුණු කිරීමක් මඟින් තර්ජනයට ලක් වී ඇති හෝ අනාවරණය වූ ප්‍රදේශවල සිදු කරන පුරා විද්‍යාත්මක සමීක්ෂණයක් හෝ කැනීමකි. සාම්ප්‍රදායික සමීක්ෂණ හා කැනීම් මෙන් නොව ගලවා ගැනීමේ පුරා විද්‍යාව යම් වේගයකින් සිදු කළ යුතු වේ.
ගලවා ගැනීමේ පුරා විද්‍යාවට උදාහරණ ලෙස, ඕනෑම සොයා ගැනීමක් ස්වාස්ථික සංරක්ෂණය හෝ ‍‍ෙගාඩනැඟිල්ලක් යට පිහිටි කැනීම් නොකරන ලද ප්‍රදේශයක් සංරක්ෂණ සඳහා පියවර ගැනීම ඇතුළත් විය හැකිය. වසර ගණනක් පුරාවට ජීවත් වීම නිසා අතිශයින් වැළලී ගිය ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශ සාමාන්‍යයෙන් ගලවා ගැනීමේ පුරා විද්‍යාව සඳහා වස්තු බවට පත් වේ.
මුල් කාලීන කටයුතුවලදී අවධානය‍යොමු වූයේ මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන ගලවා ගැනීම් කැනීම් සිදු කළ හැකි සංවිධාන පිහිටුවීම කෙරෙහිය. පුරා විද්‍යාඥයින් තැනීම්කරුවාගේ අවශේෂ වාර්තා කිරීම සඳහා අවස්ථාව සපයා දීමේ හොඳ හිත මත රඳා පැවති කටයුතු සිදු කරන ලද වඩා නූතන භාවිතයේ දී පුරා විද්‍යාත්මක සමීක්ෂණය, සැලසුම් ක්‍රියාවලියක් හෝ ගොඩනැඟීම් නීතියක් මඟින් අවශ්‍ය විය හැකිය. (එක්සත් රාජධානියේ PPG 16 සමඟ වැනි) කොන්ත්‍රාත්තු හෝ වානිජමය පුරා විද්‍යාව, දේශීය නීති හා සැලසුම් කිරීමේ නීති සමඟ එකඟ වීම සඳහා වූ කැනීම්කරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සේවා සපයා දීම සිදු කරනු ලබයි. (විශේෂයෙන් එක්සත් ජනපදයේ)
වසර ගණනක් පුරාවට මිනිසුන්ගේ අවධානය තිබුණේ භූමිය තුළ වූ පුරා විද්‍යාත්මක සාක්ෂි කෙරෙහිය. කෙසේ නමුත් කර්මාන්තමය පුරා විද්‍යාවේ ක්‍රමයෙන් වැඩි වන ජනප්‍රියත්වයත් සමඟ ගොඩනැඟිලිවල වර්තමාන අවශේෂ වාර්තා කිරීම තුළින් ගලවා ගැනීමේ පුරා විද්‍යාව සිදු කළ යුතු වේ. (බිඳ හෙලීමට පෙර)
ගලවා ගැනීමේ පුරා විද්‍යාව යන වදන මෙන්ම එම ක්‍රියාවලිය උතුරු ඇමරිකාවට, දකුණු ඇමරිකාවට, බටහිර යුරෝපයට හා නැ‍ඟෙනහිර ආසියාවට (විශේෂයෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කොරියාව හා ජපානය) සීමා වී තිබේ. ජර්මනිය වැනි බොහෝමයක් යුරෝපීය රටවල් ගලවා ගැනීමේ කැනීම් සිදු කරනු නොලබයි. (එනමුත් එම රටවල පර්යේෂණාත්මක පුරා විද්‍යාව ක්‍රියාත්මක වේ) මැද පෙරදිග වූ බොහොමයක් ගලවා ගැනීමේ පුරා විද්‍යා ව්‍යාපෘති සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ගොඩගැනීමේ පුරා විද්‍යාව ලෙසය.

පටුන

Sunday, March 20, 2016


ශ්‍රී

ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ කැනීම(RUSL Ex 01 2013)

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යයන අංශය ම`ගින් ඍඹීඛ 2013 යන ක්ෂේත‍්‍ර නාමය යටතේ පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක් ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල භූමියේ ආරම්භ කරන ලදි. ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය පරිදි ආරම්භ කරන ලද මෙම කැනිම මගින් අරමුණූ කිහිපයක්  සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
  • සිසුන් වෙත ප‍්‍රායෝගික පුරාවිද්‍යා කැනම් පුහුණුව ලබා දීම
  • ස්ථරණය අධ්‍යයනය තුළින් ක්ෂේත්‍ර සකස් වීමේ ක‍්‍රියාවලිය ඳුනා ගැනීම.
  • පැරණි ජනාවාස රටාව අධ්‍යයනය කිරීම සඳහා භෞතික සංස්කෘතික තොරතුරු භාවිතාව පිළිබඳ සිසුන්ට න්‍යායාත්මක පුහුණුවක් ලබා දීම.

ඉහත අරමුණු ඉටුකරගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාල භූමිය තුළ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය සකස් කරන ලද කොටු දැල් සැලැස්ම තුළ N1 E3 ග‍්‍රිඞ් අංකය තු< මීටර් 3X3 කැනීම් පරිශ‍්‍රය පිහිටා තිබේ. ශ‍්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කරන ලද ප‍්‍රථම පුරාවිද්‍යා කැනිම වන මෙම කැනීම සංසිද්ධිගත අංක යෙදිමේ ක‍්‍රමය (Context Method)  අනුව පස් ඉවත් කරමින් සිරිස් කැkSමක් ලෙස සිදු කරනු ලැබේ.
මේ වන විට සෙ. මී. 20 ප‍්‍රමාණයට පස් ඉවත් කර ඇති අතර සංසිද්ධි 3ක් හදුනා ගෙන ඇත. අත්හරින ලද වැව් බැම්මක් මත ආරම්භ කරන ලද මෙම කැනීමට අදාල නවතම තොරතුරු ඉදිරි කාලයේදී යාවත් කාලීන කිරිමට පුරාවිද්‍යා අධ්‍යයනාංශය බලාපොරොත්තු වේ.



Wednesday, March 9, 2016

සඳකඩපහණ

  




සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි. එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ සොපාන හෙට්ටිචන්දපාෂාණ යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස කෙරිණ. සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක. සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය.

අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි‍ දේ අගය නොකළ යුතු දේවල් ලෙස සැළකින. ඒ නිසා කැටයම් යොදන ලද්දේ පඩිපෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටය. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිමගෙවල්වලට ඇතුල්වන තැනැත්තාට සිහිපත් කරවයි. එතුමාගේ අදහස් වලට අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස නිරෑපණය කරන ලද ගිනි දැල්ලයි. එයින් අදහස් වන්නේ සාමාන්‍ය ලෝකය කරදර, දුක්ගැහැට, වලින් පිරී තිබෙන බවයි.
අනතුරුව දැක්වෙන සතුන් සතර දෙනාගෙන් ලෝකයෙහි ජීවත්වන අයට මුහුණදීමට සිදුවන ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර භයයි.අනතුරුව දැක්වෙන ඝන ලියවැල මෙම කරදරවලට මුල්වන තෘෂ්ණාව දක්වයි.ඊ ළඟට දැක්වෙන හංස පේළියෙන් කියවෙනුයේ බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අතහැර යහපත් ධර්මය අනුගමනය කරන බවයි. එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනීවන බව දැක්වීමට ඊළඟට තුනී වු ලියවැලක් දක්වා ඇත. අවසාන වශයෙන් නෙලුමෙන් දැක්වෙනුයේ මෙම ස්ථානයට ඇතුළුවීමෙන් පසුව සිතේ ඇතිවන පිරිසිදු බවත් එය නිර්වාණයට මාර්ගය බවත් ය.
පොළොන්නරැ යුගයේදී එනම් දොළොස්වන සියවසේ දී හින්දු ආගමික බලපෑම තදින්ම ඇතිවීමත් සමඟ ගවරූපය ඊශ්වර දෙවියන්ගේ වාහනය ලෙස සළකන හෙයින් එය කැටයම් යලින් ඉවත් කරන ලදි.පසු කාළයේදී විවිධ හැඩයෙන් යුතු සඳකඩපහණ් දක්නට ලැබේ.

 

සඳකඩපහණේ නිමිත්ත

  • එම්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කරනු ලබන්නේ සඳකඩ පහණ සතර දිසාව නිරූපණය කරන්නක් බවයි. වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් රෝලන්ඩ් ද යන අය ද බෙල්ගේ අදහස අනුමත කරයි.
  • සෙනරත් පරණවිතානමොහු‍ගේ මෙම අදහස අනුව සඳකඩ පහනේ අග පිහිටි කවාකාර තීරුවේ පෙනෙන ගිනිදල් මෝස්තරය කමාග්නියේද, කෝධාන්තියේද සංකේතයකි. ඇතා අශ්වයා, සිංහයා, වෘෂභයා යන සතුක් සිව්දෙනා සංකේතවත් කරන්නේ ඡාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර බියයි. ලියවැල වු කලී තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංස රූප අභිනිෂ්ක්‍රමණය ද මැද පියුම් ශ්‍රද්ධාවද දක්වන සංකේතවේ. මේ අනුව මුළු සදකඩපහණ ම සංසාරය පිළිබඳ සංකේතයකි. තවද සදකඩපහණ අර්ධ කවයක හැඩයෙන් දක්වන නමුත් එය සම්පූර්ණ කවයකින් අඩක් පමණ බවත් සියලු භවවලින් ගහණ වූ භව චක්‍රය එයින් නිරූපිත වන බවත් පරණවිතාන මහතා කියයි.මෙම අර්ථකථනය නිර්මානාත්මක වූවද සංසාරය එතෙර වීම වැනි ශුද්ධ වූ අදහසක් නිරූපනය වන සදකඩපහණ ප‍යට පෑගෙන ස්ථානයක තබනු ඇතැයි ද යන සැකය මතු වේ.

    A sandakada pahana of the Kandy period at the Degaldoruwa Raja Maha Vihara

Sunday, March 6, 2016

රුවන්වැලිසෑය




රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ ශ්‍රී ලංකාවේ පිහිටා අති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි
සුවිශේෂීත්වය
භෞතික ලක්‍ෂණ
අන්වර්ථ නාම
  • රත්නමාලි සෑය
  • මහා සෑය
ශාරීරික ධාතු
වන්දනා ගාථාව
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්නමාලති පතිතනාමං
වන්දාමහං ඵුපවරං මහඝ්ගං
දළදා වහන්සේ ලක්දිවට වැඩමකරවීම තෙක් රුවන්වැලිසෑය ලක්දිව වඩාත්ම පූජනීය ශාරීරික චෛත්‍යය විය. පසුව එම ස්ථානය දළදා වහන්සේට සහදළදා මාලිගා වලට හිමිවිය. දැනුදු මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජනීය දාගැබ වේ.
උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ. වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.
"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.
සයිංසු යස්මිං සුගතස්ස ධාතු


ඉදිකිරීමඉදිකිරීම් ද්‍රව්‍ය ලබාගැනීම
  • යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.
  • යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.
  • යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.
  • යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.
  • යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.
  • යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.
  • යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.

පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,
ඉදිකිරීම ඇරඹීම

රුවන්වැලි සෑයේ ප්‍රධාන පිවිසුම
දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් මස පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී.
අඩිතාලම
  • භූමිය සමතලා කරන ලදී.
  • එය රියන් හතක ගැඹුරට සාරන ලදී.
  • එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.
  • ගල් මිටියෙන් කඩන ලදී.
  • ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.
  • එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.
  • ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.
  • එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.
ස්ථූපයට ආශීර්වාද කිරීම
දුටුගැමුණු රජුගේ මරණය
එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.
රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී. ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.
සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.
ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.

අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.

උණවටුන වෙරළ තීරය

Map of unawatuna beach

Unawatuna Beach     





උණවටුන, ශ්‍රී ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි මුහුදුබඩ නගරයකි. උණවටුන වෙරළ තීරය - උණවටුන පිහිටි වෙරළ තීරය දේශීය හා විදේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වේ.

https://www.youtube.com/watch?v=pbxqUEaxJUQ

Thursday, March 3, 2016

දෙමටමල් විහාරය

Dematamal Viharaya.jpg


 දෙමටමල් විහාරය කාවන්තිස්ස රජ විසින් කරවූ පන්සලකි. ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය නැමැති ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම විහාරයේ බොහෝ දෑ මේ වන විට නටඹුන් වී ගොසිනි. එම ස්ථානයට අයත් ඉපැරණි චෛත්‍යය තවමත් ඉතිරි වී තිබේ. මීට අමතරව විහාර ගෙය, බෝධිගරය, සංඝාවාසය, උපෝසථාඝාරය ඇතුළු විශාල ගොඩනැගිලි ප්‍රමාණයකින් මෙම විහාරය පිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙහි විශේෂ කරුණක් ලෙස දැක්විය හැක්කේ ගැහැනියක් හා පිරිමියෙක් එකව සැදූ මුර ගලය. මෙවන් මුර ගලක් ලංකාවේ වෙන කිසිදු ස්ථානයක සොයා ගත නොහැකි බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


ලුම්බිණිය

ලුම්බිණිය යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලෙවට බිහිකල ස්ථානයයි. නේපාලයේ රුපන්ඩේශිලා දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ගෞතම බුදුන් වහන්සේ කි.පු.563 සිට 483 කාලය තුළ ජීවත්ව සිටිසේක. ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බෞද්ධයින්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකකි ලුම්බිනිය ඉතිරි ස්ථාන කුශිනාරාව (කුශිනගර්) බුද්ධගයාව සහ සරානාත් වේ.
හිමාලය කඳු වැටිය පාමුල ලුම්බිණිය පිහිටා ඇත්තේය. සිද්ධාර්ථ කුමරුන් අවුරුදු 29 දක්වා හැදුනේ වැඩුනේ මෙම ප්‍රදේශයෙහිය. කපිලවස්තු නගර සභා ප්‍රදේශයේ සිට කි.මි.25 ක් නැගෙනහිර දෙසින් මෙම ප්‍රදේශය පිහිටියේය. “කපිලවස්තු” යනු මෙම ප්‍රදේශයේ නම වූවා සේම යාබද දිස්ත්‍රික්කයේද නමයි. මයා දේවී විහාරය ඇතුලු බොහෝ විහාර ගණනාවක් මෙහි වෙයි. මෙයින් බොහොමයක් වර්තමානයේ (2007) ප්‍රතිසංස්කරණය වෙමින් පවති. පුෂ්කරණි පොකුණ සහ කපිල වස්තු මාළිගයේ නටබුන්ද ලුම්බිණියෙහි දක්නට ලැබේ. බෞද්ධ පුරාවෘතයන්ට අනුව මේ අසල වෙනත් බුදුවරු ඉපදුනු ස්ථානද තිබේ.

   

බුදුරජාණන්වහන්සේගේ දේශනාවලට අනුව ලුම්බිනියට හිමිතැන

භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේ සැම බෞද්ධයෙකු විසින්ම දැකබලා පහන් සංවේගය උපදවාගෙන වන්දනා මාන කලයුතු පුජනීයවූ භුමි හතරක් පිළිබඳව පරිනිර්වාණ සුත්‍රයෙහි අනුදැන වදාරා ඇත.
සිද්ධාර්ථ බෝසතානන්ගේ උත්පත්තිය සිදුවුන ඒ අසිරිමත් ලුම්බිණිය එයින් එකකි. බෝසතානන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූ අසම සම බුද්ධගයා පිංබිම, ලෝසතුන්ගේ විමුක්තිය උදෙසා උන්වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ මිගදායේ අවිඳු අඳුර දුරැකළාවූ ඉසිපතනාරාමය සහ මහා කාරුණිකයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වනය අනෙක් සිද්ධස්ථාන වෙයි.

බුදුන් දවස ලුම්බිණිය

ප්‍රධාන ප්‍රදේශ හතර
ලුමුබිණි
බුද්ධගයා
සාරානාත්
කුෂිනගර්
අතිරේක ප්‍රදේශ හතර
ශ්‍රාවස්ති
රාජ්ගිර්
සංඛස්ස
වෛශාලි
වෙනත් ස්ථාන
පැට්නා-ගයා
කොසම්බි-මථුරා
කපිල වස්තු-දේවදහ
කේසරියා-පාව
නාලන්දා-වාරානසි
පසු කාලීන ප්‍රදේශ
සාන්චි
රත්නගිරි
එල්ලෝරා
අජන්තා
භාර්රුත්                                                                                  
 

බුදුන් දවස ලුම්බිනිය, කපිල වස්තු සහ දේවදහ අතර පිහිටි උයනකි. බුදුන් උපත ලද්දේ මෙම ස්ථානයේය. අශෝක රජු ලුම්බිනිය දැක බලා ගැනීමට පැමිනිම සිහිවීම පිණිස තබන ලද කුලුණක් දැනට දක්නට ලැබේ. එහි සලකුණු කරන ලද විස්තර අනුව ලුම්බිනි උයන භාරව සිටි එකල ජනයා විසින් අශෝක රජුගේ පැමිණිම සහ පුද පඬුරු දීම සිහිවීම පිණිස එම කුලුණ පිහිටුවා තිබේ. භගවන්පුරට සැතපුම් දෙකක් උතුරෙන් පිහිටි මෙම උයන ඊට කලින් හඳුන්වා තිබුනේ රුමින්දෙයි යනුවෙනි.
යුත්ත නිපාතයට අනුව (683 ගා) බුදුන් වහන්සේ ලුම්බිනි ජනපදයේ, ශාක්‍යයන්ගේ ගමක ඉපදුනු බව විස්තර කර ඇත. බුදුන් දෙව්දහ නුවරට වැඩි ගමනේදි ලුම්බිනි වනයේ නැවති සිටි දේවදහ සූත්‍රය දේශනා කළ සේක.

ලුම්බිනිය නැවත සොයා ගැනීම

1896 වර්ෂයේදි නේපාල ජාතික පුරාවිද්‍යාඥයින් පිරිසක් (ඛඩ්ගා සම්ශේර් රානා ගේ මෙහෙයවීමෙන්) මෙම ප්‍රදේශයේ කළ කැනීම් වලදි අශෝක රජු විසින් කරන ලදැයි කියවෙන විශාල කුලුණක් සොයාගන්නා ලදි. චීන වන්දනාකාර ෆා හියැන් විසින් තබන ලද තොරතුරුද මෙම පූජනීය භූමිය හඳුනා ගැනීමේ කාර්යයදී ප්‍රයෝජනයට ගන්නා ලදි.

වර්තමාන ලුම්බිණිය

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කළ බිමකි.
ලුම්බිණිය 1997 වන විට ජාත්‍යන්තර ලෝක උරුම වැඩසටහන සඳහා යෝජනා කරන ලදි. යුනෙස්කෝ ලෝක උරුම භූමියක් වන්නේය.
ලුම්බිණි පූජනීය පෙදෙස් වටා විහාර ආරාම රාශියක් ඇත්තේය. එම පෙදෙසෙහි ඉදි කළ හැක්කේ පූජනීය ස්ථාන පමනි. ආපනා ශාලා සාප්පු ආදිය තැනිය නොහැක. එය බටහිර සහ නැගෙනහිර පූජනීය පෙදෙස් වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. නැගෙනහිර පැත්තේ ථේරවාදි පන්සල් තිබෙන අතර බටහිර පෙදෙසෙහි මහායාන සහ වජ්රයාන විහාර ආරාම ආදිය දක්නට ඇත.
ලුම්බිනිය පූජා භූමියේ පුරාණ පූජනීය ස්ථානවල නටබුන් දැක ගත හැක. ඒවා නම් පූජනීය බෝධි වෘක්ෂය පුරාණ නාන පොකුණ, අශෝක කුලුන සහ මයාදේවි පන්සලය. මෙම මයාදේවි පන්සල පිහිටි තැන බුදුන් ඉපදුනු ස්ථානය ලෙස සැලකේ. හිමිදිරියේ සිට සැන්දෑව දක්වා විවිධාකාර රටවල් වලින් පැමිණෙන වන්දනා කරුවෝ මෙම ස්ථානයේ වන්දනාමාන කටයුතු සහ භාවනා ආදිය කරති. ගැලරිය (චිත්‍රා ගාරය)

ලුම්බිනියේ සංචාරක ආකර්ශණය

දැනට ලුම්බිණී පුදබිම වෙත වසරකට විදේශිකයින් 2,50,000 පමණත් නේපාල ජාතිකයින් 5,40,000 පමණත් පැමිණෙන බව නේපාල සංචාරක අමාත්‍යාංශය පවසයි. මේ බොහෝදෙනා එහි පැමිණෙන්නේ වන්දනා මාන කරගැනීමේ අරමුණෙන් නිසා මුදල් විය පැහැදම් කරනුයේ ඉතාම සුළුවශයෙන් බවත් වැඩිදෙනා එහි ගතකරන්නේ එක දවසක් පමණක් බවත් ඔවුන් කියති.
ලුම්බිණිය වෙත පැමිණෙන විදේශික වන්දනා කරුවන්ගෙන් වැඩිදෙනා ශ්‍රී ලාංකික බෞද්ධයින් වීමද විශේෂත්වයකි. මෙම වන්දනා කරුවන් සඳහා පසසුකම් වැඩිදියුණු කළහොත් දැනට වඩා වැඩි වන්දනා කරුවන් මෙන්ම සංචාරකයින්ද ලුම්බිණී පුදබිමට මෙන්ම නේපාලයේ සංචාර සඳහාද යොමුකරගත හැකිබව ශ්‍රී ලංකා නේපාල මිත්‍ර සංගමයේ සභාපති ජගත් සවනදාස මහතා පවසා තිබුණි.
සිදුහත් කුමරුන් ගිහිගෙය අතහැර යනතෙක් සිටි සහ ගෞතම බුදුරජානන් වහන්සේ වැඩවාසය කල බොහෝ ස්ථාන දැනට පුරාවිද්‍යා බිම් ලෙස ආරක්ෂාවී ඇත.
මෙම උත්තම කටයුත්ත සාක්ශාත් කරගැනීම උදෙසා අනුපමේය වෙහෙසක් දරු අනගාරික ධර්මපාල උතුමානන්ද මේ අවස්ථාවේ පිංදී සිහිපත්කල යුතුව ඇත.
මේ සියලු පුණ්‍ය භුමි අතරට බෝසතානන් වහන්සේගේ උත්පත්තිය සිදුවූ ස්ථානය සහ මහා මායා දේවියට උපකාරවූ සාල වෘක්ෂය තිබු ස්ථානයද මතු යම් දවසක අප සැමට වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා වනු නිසැකය.
1978 දී නේපාල රජය ලුම්බිණී පුදබිම වන්දනා භූමියක් ලෙසට ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ඇරැඕය. වසර හතක ඇතුලත සම්පුර්ණකිරීමේ බලාපොරොත්තුවෙන් ආරම්භකෙරුන එම ව්‍යාපෘතිය මේ දක්වා සම්පුර්ණ කිරීමට හැකිවී නැත.
සිදුහත් කුමරුන් උපන් ස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ඉමහත් භක්ත්‍යාදරයකින් පැමිණෙන වන්දනාකරුවන් මෙන් නොව පුරාවිද්‍යා වටිනාකමකින් යුතු තැනක් නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් මදවීමනිසා බලාපොරොත්තු වූ තරම් අදායමක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම වැඩකටයුතු නිමා කිරීම ප්‍රමාදවෙමින් පවතින බවට වාර්තා විය.

ලුම්බිනියේ වර්තමාන කැණීම්

යුනෙස්කෝ ආයතනය මඟින් 1997 ලෝක උරුම භූමියක් ලෙස නම් කර ඇති ලුම්බිණියේ නේපාල පුරා විද්‍යා අධිකාරියේ පුර්ණ සහභාගීත්වයෙන් මේ දිනවල ධර්මාශෝක අධිරාජයා විසින් ඉදිකළ ගොඩනැගිල්ලට යටින් ඇති පුරා වස්තුන් පිළිබඳව සොයාබැලීමේ කැනීම් කටයුතු සිදුකරනු ලබන්නේ භූගෝලවිද්‍යා සඟරාවක අනුග්‍රහයෙනි.
මෙම ව්‍යාපෘතිය අලලා වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටත් එය ලොව වටා බෙදා හැරීමටත් ඔවුහු බලාපොරොත්තු වෙති.
ලුම්බිණියේ පුරවස්තුන් මුල්වරට සොයාගනු ලැබුවේ 1896 දීය. ඒ සඳහා මුලිකව කටයුතු කලේ නේපාල ජාතික පුරාවිද්‍යාඥයෙකුවූ කඩ්ගාර් සම්ෂියර් රානා නමැත්තෙකි. ඔහු අශෝක ස්ථම්භය සහ එය පිටුපස තිබු පැරණි ගොඩනැඟිල්ලෙහි නටබුන් සොයා ගත්තේය.